මීගමුව කොළඹ මාර්ගයේ වැලිසර ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ රිය අනතුකින් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
බාලවයස්කාර දරුවකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් ආ යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ.
මීගමුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථය මහාබාගේ ප්‍රදේශයේදී පැරෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී යතුරු පැදියක ගැටී ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇත.
අනතුරුව එම මෝටර් රථය තවත් මෝටර් රථයක, ත්‍රීරෝද රථයක හා තවත් යතුරු පැදියක ගැටී ඇතැයි පොලිසිය කියයි.
අනතුරේ CCTV දර්ශන මෙතැනින් ගොස් නරඹන්න.


