පසුගිය දා දෙමටගොඩ රුවන් නැමැත්තා අත්අඩංගුවට ගැනීමත් සමග රහස් පොලීසිය විසින් සොයාගත් කෝටි විස්සක් පමණ වටිනා අධි සුඛෝපභෝගී වාහන හය පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඉන් වාහන හතරක් දෙමටගොඩ චමින්ද සහ දෙමටගොඩ රුවන් යන සහෝදරයන් දෙදෙනා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
රුපියල් ලක්ෂ 800 ක් පමණ වටිනා මෙම වාහන හතර අතරින් ලෑන්ඩ් කෘෂර් රථයක් සහ බී. එම් ඩබ්ලිව් රථයක් දෙමටගොඩ චමින්ද නැමැත්තා ඔහුගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.
දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මිලදී ගෙන තිබූ බව කියන ලෑන්ඩ් රෝවර් රථයක් සහ වෙසල් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති වාහන අතර වනවා.


