රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි තම අයියාට කසිප්පු දීමට තැත්කළ සහෝදරයෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ තෙලිකඩ පදිංචි පුද්ගලයෙකි.
සැකකරුගේ අයියා බර වාහන රියැදුරකු වන අතර තෙලිකඩ පොලිස් වසමේ පිටුවල්ගොඩ ප්‍රදේශයේදී ඔහු විසින් පදවාගෙන ගිය ජේ.සී.බී. යන්ත්‍රයේ යතුරු පැදියක් හැපී කාන්තාවකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා තබා ඇත.
මේ අතර ඔහු බැලීමට පැමිණි මල්ලී සාක්කුවේ සඟවාගෙන තිබූ කසිප්පු අඩංගු කාලේ බෝතලයක් දීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.