බදේදේගම නාගොඩ පාරේ පරණ බස් නැවතුම්පොළ අසල අවන්හලක් ඉදිරිපිට දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි අයෙකු බවය.
ඔහු මන්නා පිහියක් රැගෙන පැමිණ හෝටල් හිමිකරුට පහරදීමක් සිදුකර ඇති අතර හිමිකරුගේ පුතා විසින් පියාට පහරදීම දැක අදාළ පුද්ගලයාට මෝල් ගසකින් පහරදීමක් සිදුකර තිබේ.
අදාළ පහරදීම වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අවන්හල් හිමිකරුගේ 25 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇත්තේ බද්දේගම, කොටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි