බදුල්ල සමූපකාර ඉන්ධන පිරවුම් හලෙන් භූමිතෙල් මිළදී ගැනීමට ජනතාව අද (2) උදේ සිට පෝලිමේ රැදී සිටියහ.
මෙම සමුපකාර ඉන්ධන පිරවුම් හලට කොළඹ සිට ප්‍රමාණවත් පරදි භූමිතෙල් නොලැබීම නිසාවෙන් හිඟයක් ඇති වී තිබෙන බවත් ලැබෙන භූමිතෙල් පාරිභෝගික ජනතාවට එක් අයෙකුට ලීටර් 5ක් බැගින් බෙදා දෙන බවත් ඉන්ධන පිරවුම් හලේ නිළධාරියකු සඳහන් කළේය.