බාල වයස්කාර පාසල් සිසුවියක් ගැබ් ගැනීම සම්බන්ධයෙන් එම දැරියගේ පියාව නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරඑළිය ඩෙස්පොඩ් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි.
අවුරුදු 15 ක් වයසැති තම බාල දියණියගේ ශරීරයේ ඇති වූ වෙනස්කම් සම්බන්ධයෙන් සිය මව විසින් තම දියණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එම පරීක්ෂණ වාර්තා අනුව ඇය ගැබ්ගෙන ඇති බවට තහවුරු වීමත් සමඟ, ඒ පිළිබඳව දියණියගෙන් විමසා කළ පැමිණිල්ලක් මත සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.