ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පවුම් 38ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු 2019 වසරේ පූජා කරන ලද්දක් බවත් එම නිලධාරියා සඳහන් කර සිටියේය.
මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී තිබේ.
