‘ෆේස්බුක්’ මවු සමාගම, මින් ඉදිරියට ‘මෙටා’ යනුවෙන් හැඳින්වෙන බවත්, තම සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරන බවත්, ‘වර්චුවල් රියැලටි’ තාක්ෂණය ද ඊට එක් කරන බවත් බව ‘ෆේස්බුක්’ සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
‘මෙටා’ යන නව සන්නාමයෙන් තම මවු සමාගම මින් ඉදිරියට හැඳින්වුවත්, ෆේස්බුක් සමාජ මාධ්‍යයේ නම එලෙසින්ම පවතිනු ඇති බව ද මාර්ක් සකර්බර්ග් පැවැසීය.
‘ෆේස්බුක්’ මවු සමාගමට ‘ෆේස්බුක්’ ඇතුළු තවත් සමාජ මාධ්‍ය ජාලා කීපයක් අයත් වෙයි. ඒවා මාර්ක් සකර්බර්ග් විසින් මිලදී ගෙන ෆේස්බුක් ජාලයට සම්බන්ධ කර ඇත. මින් ඉදිරියට මේ සියල්ල පොදුවේ හැඳින්වෙනු ඇත්තේ ‘මෙටා’ යනුවෙනි.
කර්බර්ග් විසින් මිලදී ගනු ලැබ ඇති ‘ඔකලස්’ සමාගමක් හරහා ‘වර්චුවල් රියැලටි’ තාක්ෂණ ‘මෙටා’ සමාගමට ඇතුළත් කෙරෙන අතර මෙමගින් ත්‍රිමාණ තාක්ෂණයෙන් පරිගණක ක්‍රීඩාවලට සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.
මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ප්‍රචාරය වූ තොරතුරු මෙතැනින් ගොස් නැරඹිය හැකියි.


