පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයාව ඊයේ (28) අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් නිලධාරීන් අතර විශාල කතාබහක් ඇතිව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
අල්ලස් කොමිසම මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී ඊයේ (28) දහවල් කාලයේදීය.
මෙවැනි පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නොමනා ක්‍රියා නිසා සමස්ත දෙපාර්තමේන්තුවම අපහසුතාවකට පත්වන බවයි පොලිස් නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ.