දකුණු අප්‍රිකාවෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස සැලකෙන ක්‍රිස් මොරිස් තමන් තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමේ අපේක්ෂාවකින් පසු නොවන බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ අනුව විදෙස් ක්‍රීඩා මාධ්‍ය සමඟින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මොරිස් පවසා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට පූර්ණ වශයෙන් සමුදීමක් හෝ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමක් නිල වශයෙන් නිවේදනය කර නොතිබුණද දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මින් ඉදිරියට නොමැති බවයි. එමෙන්ම මෙම තීරණය සම්බන්ධයෙන් තමන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් ද දැනුවත් කිරීමට පියවර ගත් බවද මොරිස් මෙහිදී පවසා ඇත.
තවද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නද තවදුරටත් දේශීය තරග සඳහා එක්වීමේ අපේක්ෂාවෙන් හා ඉන්දීය පී්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ලොව පුරා විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වන බවද අදාළ සාකච්ඡාවේදී මොරිස් පවසා ඇති බවද සඳහන්ය.
පසුගියදා පැවැති ලෝක කුසලාන තරගයේදී ක්වින්ටන් ඩි කොක් මැදිවූ වර්ගවාදී සිදුවීම මොරිස්ගේ මෙම තීරණයට ප්‍රධානතම සාධකයක්ව තිබූ බවද එම වාර්තාවන්හි වැඩිදුරටත් දක්වා ඇත