2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියනම සිදුකර ඇති චෝදනාවන් පිළිබඳව
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් පසුගිය 25වන දා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සඳහා පැමිණෙන ලෙස සිරිල් ගාමිණී පියනමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලැබ තිබේ.
අද (28) පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස සිරිල් ගාමිණී පියනමට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
අන්තර්ජාතික යුක්ති සංසඳය නැමැති සංවිධානය විසින් දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර එහිදී කළ ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතා පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.