වර්ගවාදයට එරෙහිව දණ බිම නොතැබීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් සමාව අයැද සිටී.
දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පෙරේදා (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයට පෙර ‘කළු ජීවිතත් වටිනවා’ යන තේමාවට සහයෝගය දීම සඳහා සියලුම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් තරගයට පෙර දණ බිම තැබිය යුතු යයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කළේය.
එහෙත් එයට එකඟ නොවූ ක්වින්ටින් ඩි’කොක් අවසන් මොහොතේ දී කණඩායමෙන් ඉවත් වූ අතර “මම එහෙම කළේ සතුටින්” යයි ද කීවේය.