කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා අත්සන් කර ඇති ගිවිසුම අවලංගු නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි.
ලබන 03 වන දින දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කර සිටියේ.
“පක්ෂ 11ක නායකයෝ අපිට පොරොන්දු වුණා ඉදිරියේ දී වෘත්තීය සමිති එක්ක සමගාමි ක්‍රියාමාර්ගවලට යනවා කියලා. නොවැම්බර් 3 අපේ සේවකයෝ කොළඹට එනවා. එදාට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට රොද බඳිනවා.ජාතික විරෝධතා දිනයක් බවට තුන්වනදා පත්වෙන එක වළක්වන්න ආණ්ඩුවට බෑ. එකක් පුළුවන්. පුළුවන් නම් තුන්වෙනිදාට කලින් ගිවිසුම හෙළිදරව් කරන්න. වහාම ඉල්ලා අස්කර ගන්න.
තුන්වෙනිදායින් පස්සේ මුළු රටම අඳුරට පත්වෙන වැඩවර්ජනයකට අපි යනවා. ඉස්කෝල වැහුවා වගේ නෙමෙයි තෙල් වරාය විදුලි කියලා කියන්නේ, මරමස්ථාන තුනක්. ඒ ආයතන තුනෙන් එකක් බැස්සත් අනෙක් ඔක්කෝම ඇණහිටිනවා. මාධ්‍ය ආයතන ඔක්කෝම වැටෙනවා. රූපවාහිනි නෑ. ගුවන්විදුලිය අහන්න බෑ. අඩුම තරමේ ගෙදර තියෙන ජෙනරේටරයවත් පණගැන්වීමට බැරිතැනකට තත්ත්වකට පත්වුණාම තමා අපි වැඩවර්ජනය කරන්නේ. එන්නේ නෑ ගිවිසුම හකුළගන්නකල්. නම්බු පිටින් ගිවිසුම හකුළා ගන්න ඊට කලින්.”