වැලිඔය ප්‍රදේශයේ ‘‘ටිකිරි‘‘ වැවේ නෙලුම් මල් කැඩීමට ගිය කාන්තාවක් සහ ඇගේ ඥාති දියණියක දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව වැලිඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා gossipking.lk වෙබ් අඩවියට සඳහන් කළේය.
මෙසේ මියගොස් ඇත්තේ තිස් දෙහැවිරිදි කාන්තාවක් සහ දොළොස් හැවිරිදි දැරියක් බව ඔහු පැවසුවේය.
වැවෙන් මල් කඩාගෙන ගොඩ ආ මෙම දෙදෙනා කකුල් සෝදාගැනීම සඳහා වැවේ වතුර පිරි තිබූ ස්ථානයකට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ.