වැල්ලවාය, ඇල්ලේවල දිය ඇල්ලේ තිදෙනකු මියයෑමත් සමඟ වැල්ලවාය පරිසර කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඇල්ලවෙල දිය ඇල්ල සංචාරකයන්ට නැරැඹීමට හා දිය නෑමට නොහැකි තහනම් කලාපයක් ලෙස ඊයේ සිට නම් කරන ලදී.
ඒ අනුව මෙම දිය ඇල්ල නැරැඹීමට හෝ දිය නෑමට කිසිවකුටත් එම ප්‍රදේශයට ඇතුළුවීමට නොහැකි වන අතර දියඇල්ල වටා කටුකම්බි වැටක් ඉදිකිරීමටද වැල්ලවාය ප්‍රාදේශීය සභාව ඊයේ (21) කටයුතු කර තිබේ.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් හා පරිසර කමිටුවේ සභාපති චන්දන රත්නායක මහතා මෙසේ කියා සිටියේය.
“අපි මේ දක්වා මෙම ස්ථානය තහනම් නොකළේ විශාල සංචාරක ආකර්ෂණයක් තිබුණ නිසා හා විශාල පිරිසක් මෙම ස්ථානය නැරැඹීමට පැමිණීමත් නිසායි. නමුත් මෑතක සිට එන පිරිස්වල නොසැලකිල්ල නිසා සිදුවූ ජීවිත හානි ගණන වැඩිවීමත් සමඟ පොලිසිය, ප්‍රාදේශීය සභාව, පරිසර කමිටුව හැටියට එම ස්ථානය සංචාරකයන්ට ආරක්‍ෂිත ස්ථානයක් ලෙස සකස් කිරීමෙන් පසු විවෘත කරන තෙක් වසා දැමීමට තීරණය කළා.”