අවුරුදු 08ක බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අතවර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව ප්‍රදේශයේ විදුහල්පතිවරයකු ලබන 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (19දා) නියෝග කළාය.
නවගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු වන මෙම සැකකරු එම පාසලේ 03, 04 ශ්‍රේණිවල ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති අතර දැරියට වයස අවුරුදු 08දී පමණ මෙම අතවරය වී ඇති බවත් මේ වනවිට ඇයට වයස අවුරුදු 11ක් වන බවත් ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට දැනුම් දී තිබිණි.
දැරිය රූපවාහිනියේ විකාශය වූ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ වෙළෙඳ දැන්වීමක් දැක තමාට ද මීට පෙර එලෙස සිදු වූ බව සිය මවට පැවැසීමෙන් අනතුරුව මව විසින් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණිලි කර පසුව ළමාරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කළ බව ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට වාර්තා කළේය.
මව විසින් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව එම කාර්යාලය විසින් මෙම සැකකරුගේ වැඩ තහනම් කර ඇති බවද ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ