මේ දවස්වල මුළු රටක්ම කතාකරන නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියා එහෙමත් නැත්නම් සංගීත් ප්‍රභූ අද GossipKing.lk එක්ක පොඩි කතාබහකට එකතු වුනා.
වැඩිපුරම දැන් ඔයාව දන්නේ කවඩියා විදියට ද?, සංගීත් විදියට ද?
මමනම් හිතන්නේ කවඩියා කියලා. පාරේ යනකොටත් මට දැන් කවඩියා කියාගෙන යනවා. සංගීත් ප්‍රභුට වඩා දැන් කවඩියා කියන නම මිනිස්සු අතර තියෙනවා.
රංගන ජිවිතයට එන්න කලින් කොහොමද ජීවිතය ගෙවුනේ?
මගේ ගම බදුල්ලේ ලුණුගල. හැබැයි මම පසුකාලීනව අනුරාධපුරයේ තමයි හැදුනේ වැඩුනේ. මම පාසැල් තුන හතරකට ගියා. ඊට පස්සේ කොළඹ ආවා. මගේ අම්මා ගුරුවරියක්. මට සහෝදරයෝ හතර දෙනෙක් ඉන්නවා. මම පොඩි කාලේ ඉදන්ම තීරණය කළේ මම කවදාහරි නළුවෙක් වෙනවා කියන එක.පාසැල් කාලයේත් තිබ්බේ මගේ ඒ බලාපොරොත්තුව. ඉතින් මම ඒකට ඇවිල්ලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්.
රංගන ජීවිතය පටන් ගත්තේ කොතැනින් ද?
රංගන ජීවිතය තුල මම විවිධ චරිත සැහෙන්න ඉඳලා තියෙනවා නාට්‍ය සංඛ්‍යාවක. නමුත් මට චරිතයක් නමක් වශයෙන් දුන්නේ දුරුතු සිනමා නාට්‍ය පාසලට ගියා රවින්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක කියන ඒ දෙන්නගේ සිනමා පාසැල. එකේ විදර්ශන කියන චරිතය තමා මට මුලින්ම හම්බෙන්නේ. 2015 වගේ. ඉතින් ඒක තමයි මට නමක් කියන චරිතයක් විදියට හම්බුනේ.එතැනින් පසුව මම විවිධ චරිත එක්ක මිනිස්සු අතරට ආවා.
මේ ක්‍රේෂ්ත්‍රයේ ඔබේ බලාපොරොත්තුව මොකද්ද?
මගේ කුඩා කාලයේ ඉදන් පොඩි ආසාවක් තිබ්බා අභිරූපණ කලාවට. ඒකත් එක්ක මම ඉගෙනගත්ත අභිරූපණ කලාව හරි අමාරුයි. මම හිතනවා කවදාහරි දවසක යම්කිසි තැනක් ලංකාව තුල හදාගන්න පුළුවන් වුනොත් ඉදා ඉඳන් මම උත්සහ කරනවා ලංකාවේ පාසැල් වලට මගේ ගානේ කරන්න. මම ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි අභිරූපණය පිළිබඳව. හැබැයි මගේ තියෙන දැනුමෙන් දෙයක් දෙන්න පුලුවන්නම් මම සතුටු වෙනවා.
නාඩගම්කාරයෝ අතර වෙච්ච විශේෂම සිද්ධිය මොකද්ද?
නාඩගම්කාරයෝ අතර වෙච්ච විශේෂම සිද්ධිය තමයි මගේ මේ සරම. මට සරම අමතක වෙනවා. මම කොච්චර උත්සහ කලත් මට සරම අමතක වෙනවා. ඒක තමයි අමතක නොවන සිදුවීම සහ අමතක වෙන සිදුවීම.
ඉලක්කය කරා යන ගමනේදී ඔබට නාඩගම්කාරයෝ වැදගත් වෙන්නේ කොයි විදියට ද?
ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. ජීවිතේට මිනිහෙක්ට දෙයක් වියයුතුයි වෙනස් වෙන්න. කවඩියා කියන චරිතයට මම එනකොට මම හිතුවේ නැහැ මෙහෙම දෙයක්. කවඩියා ලැබෙනකොට ඒක මගේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක් වුනා. මම ඒකට ඕනේ විදියට හැඩගැහුනා. කවඩියා ඔළුව පාත් කරන්නේ කොහොමද, කවඩියා බුලත්විට කන්නේ කොහොමද, කවඩියා සරම අඳින්නේ කොහොමද, කවඩියා ඇවිදින විඳිය, කතාකරන විලාශය මේ ඔක්කොම සංගීත් ප්‍රභුට අලුත් දෙයක් වුන නිසා සමහරක් අය කැමති කවඩියා කියන චරිතයට.

ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?
ලැබෙන ප්‍රතිචාර ඉහලයි. මම කියන්නෙම ඕනේ නැහැ. හැමෝම දන්නවා. අපි එකමුතු කණ්ඩායමක්. නාඩගම්කාරයෝ කියන ටෙලි නාට්‍යය අද මෙතන තියෙන්නේ අපේ ඩිරෙක්ටර් සිව ගුරුනාදන් සර්, සද්ධාමංගල සූරිය බණ්ඩාර සර්, චාමර සමරවික්‍රම මේ සියලුදෙනාගේම එකමුතුවත් එක්ක අපේ නළු නිළියන්ගේ හොඳම උදාහරණයක් හැටියට අපේ සජිත ඇන්තනි, සරා, සුද්දා, කිරිපුතා කියන මේ හතර ඇවිල්ලා අතේ තියෙන ඇඟිලි හතරක් වගේ පොඩි ලව් එකකින් හරි එකමුතුකමින් කරන විප්ලවයක්. එතනින් පසුව මනමාලන්, තැන් තැන් වල සෙට් තුල, අපි ගත්තම සිරිසේන මාමා හැම චරිතයක්ම එකමුතුකමින් ඉන්නවා. අපේ Team එක මතක් කරන්න ඕනේ. අපි මාර එකමුතුයි. මේ හැම කෙනාම එක පවුලක් වුන නිසයි මේ වගේ හොඳ නිර්මාණයක් බිහි වෙන්න ඇත්තේ. මොකද අපේ තරඟකාරිත්වය තියෙන්නේ අපි අතර නෙමෙයි. අපේ නිර්මාණය කොහොමද හොඳ තරඟයක් දෙන්නේ කියන එකයි අපි හැමෝගෙම හිත්වල තියෙන්නේ.
ඔබ ආදරය ගැන මොකද හිතන්නේ?
ආදරය කියන්නේ ලස්සන, සුන්දර දෙයක්. ආදරය කියන්නේ හරියට ප්‍රකාශ කරන්න බැරි මාධ්‍යක් වගේ. අපිට ආදරය දැනෙන විදිය වෙනස්. පෙම්වතියට ආදරය කරන විදිය වෙනස්. අම්මට තාත්තට ආදරය කරන විදිය වෙනස්.සංගීත් ප්‍රභූ කියන චරිතය ආදරය කරන්නේ තමන්ගේ අම්මට කියන එක තමයි අදහස් කරන්නේ. එයාගේ බලාපොරොත්තුව තමයි නළුවෙක් කරන එක.ඒ දේවල් එක්ක ආපු ගමන තමයි අද සංගීත් ප්‍රභූ අද නළුවෙක් වෙලා ඉන්නේ. මගේ අම්මට මම ගොඩක් ආදරෙයි.ඒ වගේම මගේ පවුලට. කවඩියා කියන චරිතය ගත්තම කවඩියා කියන්නේ අම්මට වඩා ආදරය හොයන ගීතිකා කියන චරිතයක් පස්සේ පන්නන ආදරේ වැඩියෙන් ඕනේ චරිතයක් තමයි කවඩියා කියන්නේ. සංගීත් ප්‍රභූ කියන්නේ කවඩියා වගේ චරිතයක් නෙමෙයි. හොඳට හිතලා බලලා, ජිවිතේ හොඳ අත්දැකීම් තියන ඒවත් එක්ක හොඳට ගැටෙන්න පුළුවන් හොඳ ශක්තිමත් කොල්ලෙක්.
ප්‍රථම ප්‍රේමය ගැන මොකද හිතන්නේ?
පාසල් යන අවධියේ මට හම්බෙනවා යුවතියක්. ඉතින් මම ආදරය කරනවා. ඒත් මම ආදරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ආදරය කියන වචනේ තේරුමවත් දන්නේ නැති නැති කාලයේනේ අපි ආදරය කරන්නේ.ඒත් ප්‍රථම ප්‍රේමය මාර සුන්දරයි.
නාඩගම්කාරයෝ බලන ප්‍රේක්ෂකයන්ට ඔබට මොකද්ද කියන්නේ තියෙන්නේ?
බොහොම ආදරෙයි හැමෝටම. සරාට, කවඩියාට ආදරය කරපු සියලුම දෙනාට කියන්න තියෙන්නේ හොඳ දේවල් ලැබෙන්නේ හොද විදියට අපි යම්කිසි දෙයක් එලියට දැම්මමනේ. අපි හරි සතුටු වෙනවා අපිත් එක්ක ඇවිත් ෆොටෝ එකක් ගහනකොට. අපිව වර්ණනා කරනකොට.නාඩගම්කාරයෝ සියලු දෙනාට ආදරෙයි. ඒ වගේම නාඩගම්කාරයන්ට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට අපිත් ආදරෙයි.


