උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තම රට ආහාර හිඟයකට මුහුණ දී සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
නායකයින්ගේ රැස්වීමක් අමතමින් කිම් පවසා ඇත්තේ ජනතාවගේ ආහාර තත්ත්වය දැන් නොසන්සුන් වෙමින් තිබෙන බවයි.
පසුගිය වසරේ සුළි සුළං හේතුවෙන් කෘෂිකාර්මික අංශය සිය ධාන්‍ය ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ බවත් එය ගංවතුරට හේතු වූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා උතුරු කොරියාව සිය දේශ සීමා වසා දමා තිබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස චීනය සමඟ වෙළඳාම කඩා වැටී ඇති අතර උතුරු කොරියාව ආහාර, පොහොර සහ ඉන්ධන සඳහා චීනය මත රඳා පවතිනවා.