මේවන විට දරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිම සූදානමක් තමන්වහන්සේට නැති බව අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා.
තමන්වහන්සේ ඉල්ලා අස් වීමට එකඟ වී ඇති බවට පළවන වාර්තා අසත්‍යක් බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.
තමන් වහන්සේට නියමිත සම්පූර්ණ කාලසීමාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ද රතන හිමි ප්‍රකාශ කළා.
පූජ්‍ය අතුරලියේ රතන හිමි තමන් දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී ඇති බව අපේ ජන බල පක්ෂ ආරංචි මාර්ග මීට පෙර ප්‍රකාශ කළා.
එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණේ අදාළ මන්ත්‍රී ධූරය බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලබා දීමට සැළසුම් කර ඇති බවයි.
පසුගිය මැතිවරණයේ දී අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබුණු අතර එහි දිවුරුම් දෙන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳව ගැටුමක් ද එකල හටගත්තා.
අවසානයේ දී රතන හිමි එහි දිවුරුම් දුන් නමුත් අපේ ජන බල පක්ෂ ආරංචි මාර්ග පැවසුවේ එලෙස දිවුරුම් දෙන අවස්ථාවේ දී තමන් මාස 03ක කාලයක් මන්ත්‍රී ධූරය දැරීමෙන් අනතුරුව එය ඥාණසාර හිමිට ලබා දෙන බවට උන්වහන්සේ එකඟ වී ඇති බව යි.
ඒ අනුව රතන හිමි ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඥාණසාර හිමි එහි දිවුරුම්දෙනු ඇති බවට අපේ ජනබල පක්ෂය පවසා සිටියා.
එම පුවත් වාර්තාවලට ප්‍රතිචාර ලෙසයි, එවැනි සූදානමක් නොමැති බවට රතන හිමි පවසන්නේ.