ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් තුලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මෙරටින් හමුවූ දෙවන අවස්ථාව මෙයයි.
මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණය සම්බන්ධයෙන් වන නවතම පර්යේෂණ වාර්තාව එලි දක්වමින් වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මේ බව සඳහන් කර සිටියා.