ත්‍රිකලා ධරණි ලංකාවේ සිටින සුරූපීම මෝස්තර නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.
ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක්, බිරිදක්, ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.
ත්‍රිකලා ධරණි ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවුණේ ඇය මිලාධික අධි සුඛෝපභෝගී රේන්ජ් රෝවර් රථයක් මිලදී ගැනීම නිසා.
ත්‍රිකලා පිළිබඳ තවත් බොහෝ කතා නිර්මාණය වන්නේ ඇයගේ සුරූපීකම නිසා සහ ඇගේ විලාසිතාවන් නිසායි. කෙසේ වෙතත් ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
එම ඡායාරූප පහතින්,




