ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මව, නැගණිය සහ ඔවුන්ගේ රියදුරා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ වන දූෂණ දූෂණ විමර්ශන ඒකකයේ සඳහන් කරන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී නිරෝධායන රෙගුලාසි කඩමින් පැවති උපන්දින සාදයට සහභාගී වූයේ යැයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මීට අමතරව උපන් දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබා ගැනීම ඊයේ (03) සිට කොටුව පොලිසිය මගින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ෂැංග‍්‍රිලා හෝටලයේ කළමනාකරු, නියෝජ්‍ය කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබා ගැනීමට කොටුව පොලිසිය මගින් ඊයේ කටයුතු කල බව අද (04) දිනපතා පුවත්පත් වාර්තා කර තිබුණා..