ඊයේ(30) රාත්‍රී ප්‍රධාන පෙළේ හෝටලයක උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා
සාදයට පැමිණි තවත් 20 -25 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළා
එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සි සි ටි වී දර්ශන පරික්ෂා කරන බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ
මොවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නිරෝධායන සහ රෝග වැලැක්වීමේ පනත සහ තවත් චෝදනා කිහිපයක් යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි