මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ රංගන හැකියාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
යූ ටියුබ් හරහා දේශපාලන උපහාසාත්මක හාස්‍යමය නාට්‍යයක රංගනය වෙනුවෙන් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී වී තිබුණා.
“මම ඔබව සැමවිටම සලකන්නේ ලංකාවේ වඩාත්ම උපායමාර්ගික දේශපාලන මනසක් ඇති අයෙකු ලෙසයි. අවසාන අදියරේදී අපට විවිධ මත තිබුණත් දේශපාලනය පසකට දැමුවහොත් ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨ නළුවෙකු බව මා දැන සිටියේ නැත! කුඩෝස්,”
නිෂ්පාදකවරුන්ට අනුව, මෙම භූමිකාව මුලින්ම රඟපෑවේ රංගන ශිල්පී රංජන් රාමනායක විසිනි. නමුත් ඔහු සිරගතව සිටි බැවින් ඔවුන් එම කටයුතු සඳහා හිටපු ඇමතිවරයාට ආරාධනා කර තිබුණා.
එම සටහන පහතින්,
I always regarded you as one of the most strategic political minds in #LKA even though at the latter stages we had different opinions but politics aside I never knew you were such a great actor! Kudos👏🏽 Sri Lankan talent never ceases to amaze! @MangalaLK pic.twitter.com/eE6ixnYuy7
— Namal Rajapaksa (@RajapaksaNamal) May 19, 2021