ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දී තිබෙනවා.
21 වැනිදා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බවයි ඔහු පැවසුවේ.
සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී කටයුතු සිදු කිරීමට ඉඩ නොලැබෙන අතර දීර්ඝ කාලයක් සංචරණ සීමා පැනවීමෙන් පවතින රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට රුකුලක් ලැබෙන බවද කියා සිටියා.