බස්නාහිර උතුර බුද්ධි කොට්ඨාස භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස්ගොඩ තාරක”, මීරිගමදී පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ අවස්ථාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා.
එහිදී ඇතිවූ සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.