එළැඹෙන විස්සයි -20 ලෝක කුසලාන තරගාවලියට ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සම්බන්ධව සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලසිත් මාලිංග හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ.
2020 වසරේ මාර්තු මාසයේදී ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති නමුත් එතැන් පටන් මේ දක්වා ඔහු කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් “මව්බිම” කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි.
“ඉදිරි තරගාවලි වගේම විස්සයි-20 ලෝක කුසලානය සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මාලිංග මුණගැසෙන දිනයක් තවමත් අපි තීරණය කරලා නැහැ. බොහෝදුරට මේ සතිය හෝ ලබන සතිය ඇතුළත ඔහු මුණගැසීමට අපි බලාපොරොත්තු වෙනවා. යනුවෙනි.