මේ වනවිට රූපගත කෙරෙමින් පවතින ‘තලපති 65’ චිත්‍රපටයේ ප්‍රධාන නිළී චරිතයට පණ පොවන පූජා හෙඩින්ග්ටත් ‘කොවිඩ්’ රෝගය වැළඳී ඇතැයි වාර්තා වනවා.
පූජා ඒ පිළිබඳව සිය මිලියන 6.5ක් සිටින සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ සටහනක් තබා ප්‍රසිද්ධ කර තිබෙනවා.
හැමෝටම ආයුබෝවන්, ‘කොවිඩ්’ රෝගය සම්බන්ධව වෛද්‍ය පරික්ෂණ කිහිපයක් මා විසින් සිදු කළ අතර අවසන් ප්‍රතිපලය වී ඇත්තේ මටද ‘කොවිඩ්’ රෝගය වැළඳී ඇති බවය. මේ නිසාවෙන් මා හුදකලාව මගේ නිවසේ ස්වයං නිරෝධානයනය වෙමින් සිටිනවා. හැම දෙනාම අරාක්ෂාකාරිව විමසිලිමත්ව සිටින්න.. යැයි පූජා සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමේ මෙසේ සඳහන් කර තිබුනා.