• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

ඔෆිස් එකේ තරුණියකට ‘පෙම් කළ වරදට’ ලොක්කාව මරා පිච්චූ සේවකයා කළ පාපොච්චාරණය මෙන්න

May 4, 2021
in Hot Gossip, Uncategorized
අනියම් බිරිය සහ ‘පවුලේ පිරිස එක්ව’ මරා එල්ලූ කම්කරුවා
0
SHARES
85
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

තලංගම ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයෙකුගේ ගෙල කපා මරා ඔහුගේ සිරුරු එම ව්‍යාපාරිකයාට අයත් මොටෝ රියෙන් මාතලේ රත්වත්තේ ප්‍රදේශයේ වතුයායක පෙට්රල් දමා පුලුස්සා දින ගණනාවක් පොලිසියට කට්ටි පනිමින් සිටි නවරත්න නම් වූ සැකකරු පෙරේදා මාතලේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු නිලධාරීන් ඉදිරියේ පාපොච්චාරණයක් කර ඇත.

පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා හා කුලුනු ඔස්සේ කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මරා දැමුණු ව්‍යාපාරිකයාට අයත් ඇපල් වර්ගයේ ඉතා වටිනා ජංගම දුරකතනය ද මොහු සතුව තිබී සොයාගැනීමට නිලධාරීන්ට හැකිවිය.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඝාතනයට ලක්වන්නේ තලංගම ප්‍රදේශයේ කුලී නිවෙසක රැඳී සිටියදී ය. මියගිය අය 46 හැවිදි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ යන අය බව හඳුනාගෙන ඇත.

ඉකුත් දිනක මාතලේ රත්තොට ප්‍රදේශයේ වැවිලි සමාගමකට අයත් ඉඩමක තිබී පුද්ගලයකුගේ යැයි සැක කරන පිලිස්සී ගිය හිසක හා පා කොටස් රත්තොට පොලිසිය සොයා ගන්නා ලදී.

එහෙත් එම පුද්ගලයා හඳුනාගත නොහැකි වීම නිසා මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මේ පිළිබඳ විමර්ශන සඳහා රත්තොට පොලිසියට අමතරව මාතලේ පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් යොදවන්නට විය.

පසුව මෙම පොලිස් ඒකකවල නිලධාරීන් මාතලේ සොකෝ, ඇඟිලි ලකුණු, නිල සුනඛ, රස පරීක්ෂක ආදිය කැඳවුව ද මරා පුළුස්සා දමා ඇති පුද්ගලයා අනාවරණය කර ගැනීමට කිසිදු ඒකකයකට නොහැකි විය.

පසුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සුගත් බණ්ඩාර ප්‍රමුඛ නිලධාරීන් කරන ලද විමර්ශනයේදී පුලුස්සා දමා තිබූ පුද්ගල සිරුරේ කොටස්වලට ඈතින් නොපිලිස්සී ගිය ලිපිගොනුවක් තිබී සොයාගෙන එහි තිබූ ලිපිනයක හා දුරකතන අංක ඔස්සේ කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මරා පුළුස්සා ඇත්තේ තලංගම පොලිස් වසමේ දඹුගහවත්ත පළමු පටුමඟේ නිවෙසක කුලී පදනම මත පදිංචිව සිටින ජල නළ එළීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයකු බව අනාවරණය කර ගන්නා ලදී.

පසුව එම නිවෙස සොයාගිය මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට එම නිවෙස සෝදිසියට ලක් කිරීමේදී ලේ පැල්ලම් හා සෝදන ලද ආකාරය අනාවරණය වීමත් සමඟ තහවුරු කරගත්තේ අදාළ ව්‍යාපාරිකයා පහරදී මරා ඔහුගේ සිරුර මාතලේ රත්වත්තේ වතු යායට ගෙන ගොස් පුලුස්සා දැමීමට අපරාධකරුවන් කටයුතු කර ඇති බවය. පසුව මේ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් තොරතුරු හෙළි කිරීමත් සමඟ ලක්මාල් නමැති එක්තරා අයකු තලංගම පොලිසියට භාර වී අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය නිලධාරීන් ඉදිරියේ පාපෝච්චාරණය කරන ලදී. ඔහු යුද්ධ හමුදාවේ කලක් සේවය කර නීත්‍යනුකූලව ඉන් ඉවත් වූ අයෙකි.

පසුව ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු නිලධාරීන් හමුවේ පැවැසුවේ, ඔහු සමඵ එකට යුද හමුදා සේවයෙන් ඉවත් වූ නවරත්න නමැති තම මිතුරා සමග එක්ව ව්‍යාපාරිකයා ඝාතනය කළ බවය.

එයා මුදල් ප්‍රශ්නයකට බොස් එක් රණ්ඩු වෙනවා මට ඇහුණා. ඒත් එක්ක ම බොස් කෑ ගහනවා මට ඇහුණා. මම කාමරයට යනකොට බොස් ලේ පෙරාගෙන බිම වැටිලා හිටියා. නවරත්න මට කිව්වා අල්ලපන් මුගේ කකුල් දෙක කියලා. මම කකුල් දෙකෙන් අල්ලගත්තා. නවරත්න දෙවැනි පාරටත් බොස්ගේ බෙල්ල කැපුවා.

ඔහුගේ මෙම ප්‍රකාශය අනුව ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු නවරත්න බවට තහවුරු කරගත් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහු සොයා මෙහෙයුම් පැවැත්වුව ද අවසානයේ දුරකතන විශ්ලේෂණ වාර්තාවලින් සැකකරු අත්අඩංගුවට ගැනීමට මාතලේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී. එම්. තිලකවර්ධන මහතා ඇතුළු කණ්ඩායමට හැකිවිණි.

“ඔෆිස් එකේ වැඩ වගයක් කරන්න තියනවා කියලා බොස් මාව තලංගම ගෙදරට ගෙන්න ගත්තා. එහෙම ගෙන්නලා කතා කර ඉන්න කොට එයා මට කිව්වා, උඹ මේ ඔෆිස් එකේ ඉන්න ගැහැනු ළමයට ආදරය කරන ඒක නතර කරපන්. මම උඹට සල්ලි දෙන්නම් වෙන කෙල්ලෙක් හොයාගනින් කියලා. මොකද මමත් ඒකිට ආදරය කරනවා කියලා, එයා කිව්වා.

කිහිප වතාවක් ම ඔෆිස් එකේ කෙල්ලත් එක්ක තියන සම්බන්ධය නතර කරපන් කියලා කියන කොට මටත් මළපැන්නා. මමයි ඔය ඔෆිස් එකට ඒ ගැහැනු ළමයා ගෙනාවේ. බොස්ට කතා කරලා තමයි කෙල්ලව ඔතන වැඩට දැම්මේ. මම ඒ වෙන කොට අවුරුදු හතරක් විතර ඒ කෙල්ලට ආදරය කරනවා. බොස්ගෙන් එයාට කරදරයි කියලත් එයා මට කිව්වා.

බොස් ඔහොම සැරෙන් සැරේ පවසද්දී මට බොස් එක්ක තරහ ගිහින් ආරවුලක පැටළුණා. ඒත් එක්ක ම එයා පිහියක් අරන් මට අනින්න ආවා. මම පයින් එකක් ගැහැව්වා. බොස් බිම ඇදගෙන වැටුණා. පස්සේ බොස් ගෙනාපු පිහිය අරගෙන ම මම බොස්ගේ බෙල්ල කැපුවා.”

“මම ලව් කරන කෙල්ල එයාත් එක්ක යාළුයි කියලා මට සල්ලි දෙන්නම් අයින් වෙන්නලු. එහෙම කොහොම ද සර් කරන්නේ. මට බැහැ කිව්ව ම බොස් මට කිව්වා එයා පොලිසියේ ඕන ම කෙනෙක් හඳුනනවා. අන්ඩර්වර්ල්ඩ් එකේ එවුනුත් දන්නවා. මට උඹව මිසින් කරන්නත් පුළුවන් ඕනනම්. ඒ නිසා මම හොඳටයි කියන්නේ. උඹ ඒ කෙල්ලගෙන් අයින් වෙයන්. නැත්නම් උඹව මම…”

“එතකොට තමයි සර්. මට කේන්ති ගියේ. මහත්තයාගේ බෙල්ල කපලා වැටුණාට පස්සේ ලක්මාල් කකුල් දෙකෙන් අල්ලනකොට මම ආයිත් බොස්ගේ බෙල්ල කැපුවා. පිහිය මොට්ටයි. කැපුණේ නැහැ. ඒත් ෆුල් ට්‍රයි කරලා උගුරු දණ්ඩ කපලා මිනිය බාත්රූම් එකට දාලා බොස්ගේ වාහනයෙන් කුරුණෑගලට ගිහින් ආයේත් තලංගම ඇවිත් එදා ම බොස්ගේ බොඩිය කාර් එකේ ඩිකියේ දාගෙන ගිහින් මඟදි රුපියල් 1,500ක පෙට්රල් අරන් ගිහින් රත්වත්තේ වත්තට ගිහින් තමයි පුච්චලා දැම්මේ.

ඊට කලින් බොස්ගෙ පර්ස් එකේ රුපියල් හයදාහක් තිබිලා අපි දෙන්නා බෙදාගත්තා සර්!”

මේ වන විට සිද්ධියට සම්බන්ධ දෙවන සැකකාර යුද්ධ හමුදා හිටපු සෙබළ ලක්මාල් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු වන නවරත්න ද මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර රත්වත්තේ ප්‍රදේශයේ වතු යායට දමා පුළුස්සා දැමීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය අනුරාධපුර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සිය භාරයට ගෙන තිබිණි

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

එකම තරුණියට පෙම් කළ නිසා ‘ව්‍යාපාරිකයාගේ ගෙල කපා’ ගිනි තබලා

Next Post

බිල් ගේට්ස් දික්කසාද වීමට සුදානම්

Next Post
බිල් ගේට්ස් දික්කසාද වීමට සුදානම්

බිල් ගේට්ස් දික්කසාද වීමට සුදානම්

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.