මයික්‍රසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් දික්කසාද වීමට තීරණය කර තිබේ.
ඔහු විවාහ වී සිටියේ මෙලින්ඩා ගේට්ස් සමගයි.
ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටී.
බිල් ගේට්ස් 1955 ඔක්තෝබර් 28වන දින ඇමෙරිකාවේ වොෂින්ටනයේ සියැටල් ප්‍රාන්තයේ උපත ලැබු අතර පරිගණක මෘදුකාංග හා පරිගණක වැඩසටහන් පිළිබඳ ඔහුගේ සිතේ දැඩි ආශාවක් මෙන්ම උනන්දුවක් ඇතිව ඇත්තේ අවුරුදු 13 දීය.
ඔහු 1975 දී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ කළේ සිය සිතුවිලි ප්‍රායෝගිකව සනාථ කරලීමේ බලාපොරොත්තුවෙනි.
පුද්ගලික පරිගණයක් තුළින් ලෝකයක් පෙරළීය හැකි දුරදක්නා නුවණ සහ තාක්ෂණික ඥානය බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් නමැති පරිගණක මෘදුකාංගය ලෝකයේ ජනප්‍රියතම සමාගම බවට පත්කරලීමට මනා පිටුබලයක් විය