තලංගම ප‍්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කර මාතලේ, රත්තොට, දොඹගොඩ ප‍්‍රදේශයේ ළඳු කෑලෑ ප‍්‍රදේශයක පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු 30 දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි.
මාතලේ, කලල්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාතලේ, ලෑලිඅඹේ, දෙහිදෙනිය ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනයට ලක්ව ඇති ව්‍යාපාරිකයා කොළඹ, මාලඹේ පදිංචි 46 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ යන අයයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා තලංගම, තලාහේන ප‍්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමක් පවත්වා ගෙන ගොස් තිබේ.
ප‍්‍රධාන සැකකරු මෙම සමාගමේ සේවය කරමින් සිට ඇත. එම ආයතනයේම සේවය කරන තරුණියක් සමග ඔහු පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙනගොස් ඇත. ඒ අතරතුර ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා ද අදාළ තරුණිය සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම නිසා මෙම ඝාතනය සිදුව ඇති බවට මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අදාළ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය අනුරාධපුරය ප‍්‍රදේශයේ අතහැර දමා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ අතර එහි තිබු ලිපිගොනු රැසක්ද පොලිසිය සොයා ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු සිදුකළ පපොච්චාරණයකදී අනාවරණය වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරයි. එහිදී සැකකරු කියා ඇත්තේ ව්‍යාපාරිකයාගේ ගෙල කපා ඝාතනය කර මාතලේට රැගෙන විත් උකුවෙල ඉන්ධන පිරවුම් හලෙන් පෙට‍්‍රල් මිලදීගෙන දොම්බගොඩ ප‍්‍රදේශයේදී මළසිරුර පුළුස්ස දැමූ බවය