නිකවැරටිය මූලික රෝහලෙන් වයස අවුරුදු 66 ක කාන්තාවකගේ මෘත දේහයක් මාරුකර වෙනත් පාර්ශවයකට දීම හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේ රෝහල අසල නොසන්සුන් තාවයක් හටගෙන තිබුණා.
නිකවැරටිය තරණගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය 29 දින නිකවැරටිය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එහිදී රෝහලෙන් ඥාතීන් හට පවසා ඇත්තේ දේහය පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමුකල යුතු බැවින් දේහය රැගෙන යාමට රෝහලෙන් දැනුම්දුන් පසු පැමිණෙන ලෙසයි.
ඒ අනුව ඊයේ (30) සවස එම ඥාතීන්ට නිකවැරටිය රෝහලෙන් දැනුම් දී ඇත්තේ පී.සී. ආර්. වාර්තාව අනුව මියගිය කාන්තාවට කොවිඩ් 19 වෛරසය වැළදී නොමැති බැවින් පැමිණ දේහය බාරගන්නා ලෙසටයි.
කෙසේ වුවද රෝහලට ගිය ඥාතීන්ට බාරදී ඇත්තේ මහව නිකවලයාය ප්‍රදේශයේ සිට පැමිණ රෝහල් ගතව සිට මියගිය කාන්තාවකගේ දේහයකි. ඥාතීන් එම දේහය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර එම අවස්ථාවේ දී නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා.
මේ අතර මාරු වී රැගෙන ගිය දේහය කැකිරිබොඩයාගම ආදාහනාගාරයේදී ආදාහනය කළ බව රෝහලට අනාවරණය වී තිබෙනවා.