ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිල සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගය කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානි මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සඳහන් කළා.
ලබන මැයි මස 4 වැනිදා මෙම තරගය ප්‍රේක්‍ෂකයන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණා.
කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙලෙස තරගය ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි