වසර සියයකට වැඩි ඉතිහාසයක් තිබෙන වැලිකඩ බන්ධනාගාරය 2024 අවසන් වීමට පෙර වසා දමා එහි රඳවා සිටින පිරිස හොරණ ප්‍රදේශයේ සියලු පහසුකම් සහිත ස්ථානයකට ගෙනයන බව මැණික් හා ස්වර්ණාභරණ, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
එළැඹෙන ඔක්තෝ්බර් මස බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන බවත් එහි ඉදිකිරීම් 2024 අවසන් වීමට පෙර අවසන් කරන බවත් ඒ මහතා කීය.
මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.
වැලිකඩ අක්කර 40 ක් පමණ වන භූමිය සමාගමකට ලබා දෙන බවත් ඔවුන් විසින් හොරණ ප්‍රදේශයේ බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට පහසුකම් සලසන බවත් අවධාරණය කළේය.
පුනරුත්ථාපන හා පුහුණු මධ්‍යස්ථානයක්, ක්‍රීඩාගාරයක්, රෝහලක්, පිහිනුම් තටාකයක්, ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙම බන්ධනාගාර සංකීර්ණය සමන්විත බවද ඇමැතිවරයා කීය.