හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදනා යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාඩ් බදියුඩීන් අය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වඩිදුරටත් කියා සිටියේය.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෘජු හා විද්‍යාත්මක, පර්යේෂණ සාක්ෂි මත අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
රියාජ් බදියුදීන් මීට ප්‍රථම ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගෙන සිට පසුව නිදහස් කර ඇත .
ත්‍රස්තවාදී පනත ප්‍රතිපාදන අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.