රාජකාරි වේලාව තුළ දෙණියාය මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයන් පිරිසක් එම රෝහලේම ගිලන් රියකින් පැමිණ සාප්පු සවාරියක නිරත වන අයුරු ඒ අසල සිටි පිරිසක් විසින් වීඩියෝ ගත කර මුදා හැර තිබිණි.
අකුරැස්ස – මාතර මාර්ගයෙන් අතුරලිය ප්‍රදේශයට පෙරේදා (21දා) පස්වරුවේ පැමිණි මෙම ගිලන් රිය එම ස්ථානයේ පැයකට අධික කාලයක් නවත්වා තිබූ අතර නිල ඇඳුමින් පැමිණි සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ මිලදී ගෙන යළි පිටත්වී යන අයුරුද දැකගත හැකි විය.
එම කාලය අතරතුර ගිලන් රියේ ෙදාර විවෘත කර තිබෙන අයුරුද එම ස්ථානයේ සිටි සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳව අප්‍රසාදයෙන් කතා කරන අයුරුද දැක ගත හැකි විය.
පැයකට පමණ පසු භාණ්ඩ මිලදී ගෙන පැමිණි සෞඛ්‍ය සේවක පිරිස ගිලන් රියේ නැඟී පිටත්ව ගිය අතර ජනතාව චෝදනා කරන්නේ එම කාලය අතරතුර අසාධ්‍ය තත්ත්වයේ රෝගියකු ප්‍රවාහනය කිරීමට සිදුවූයේ නම් වගකියන්නේ කවුරුන්ද යන්නයි.