යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ අල්වායි උතුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙදෙනකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
අදාල දෙපිරිස අතර ඇති වූ බහින්බස්වීම දුරදීග යාමෙන් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව දෙපිරිසම තියුණු ආයුධවලින් පහරදීගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී පිහි ඇනුමකින් බරපතල තත්වයේ සිටි අයෙකු රෝහල්ගත කිරීමේ පසුව මිය ගොස් ඇත.
තවද ගැටුමින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යවා ඇත.
පිහි ඇනීමෙන් මෙහිදී මිය ගොස් ඇත්තේ අල්වායි උතුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකු වූ එම්.කෞෂිකන් නැමත්තෙකි.
මෙම ගැටුම මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බවට සැක පල කරන අතර මේ වන විට අදාල පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පවසයි.