මේ වන විට දිවුලපිටිය ප්‍රදේශයේ තුන්වන කොවිඩ් රැල්ලක් ආරම්භ වී ඇතැයි එම ප්‍රදේශය භාර මහජන පරීක්ෂකවරයා පවසයි.
ඒ අනුව දෙදිනක් තුළ සිදුකරනු ලැබු පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් 84ක් වාර්තා වු බව දිවුලපිටිය හා කටාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා පවසයි.
එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් මහජනතාව නොසැලකිලිමත්ව හැසිරීම තුළ ඉදිරියේ දී තවත් රෝගීන් වාර්තා විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.