හුදෙකලා කරන ලද කුරුණෑගල, තිත්තවැල්ගාල ප්‍රදේශයේ සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණ 700ක් අතුරින් 500 ප්‍රතිඵල ලැබී තිබේ.
ඒ අනුව ඉන් 100 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.
එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැනිමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින්ට සහ දෙවන පෙළ ආශ්‍රිතයින්ට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වී තිබේ.
අද දිනයේ හිරිපිටිය ප්‍රදේශයේ 100 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණයට භාජනය කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳහන් කළේය.
තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුද්ගලයින් 1,320 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.