මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයාට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බවට හෙළිවූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එම සිද්ධියට අදාළ ක‍්‍රීඩකයා සම්බන්ධ නොවූ බවත් එය සිය මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත් ඔහුගේ ප‍්‍රකාශයේ සඳහන්ව ඇති බව එම නිලධාරියා කියයි.
අදාල ක‍්‍රීඩකයා ඔහුගේම ප‍්‍රකාශයට අස්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළ බවත් බලකිරීමෙන් පසුව අස්සන ලබාගැනීමට හැකි වූ බවත් එම නිලධාරියා කීය.
චෝදනා ලාභී ක‍්‍රීඩකයා ඊයේ (20) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී ප‍්‍රකාශයක් ලබා දුන්නේය.