පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ බළන්ගොඩ, පින්නවල, විවාහක පුද්ගලයකු ගෙල වැළලා ගෙන සියදිවි නසා ගෙන තිබෙනවා.
වයස අවුරුදු 17 ක පාසල් දැරියක් බිය ගන්වා ලිංගික අතවර කළ බවට දැරියගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට කටයුතු කරද්දී පොලිසිය මගහැර කැලෑ ප්‍රදේශයකට ගොස් මෙම පුද්ගලයා ගෙල වැළලා ගෙන ඇති බව වාර්තා වනවා.
අතවරයට ලක්වූ දැරිය බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.