හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායි හි රෝහලකට ඇතුළත් වී සිටි මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඊයේ (18) දිනයේ දී ඇතුළත් කර තිබුණා.
ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) මුරලි රෝහල්ගත වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.