පාලිත තෙවරප්පෙරුම මේවනවිට පාර්ලිමේන්තු අසුනක් අහිමි හිටපු නියෝජ්‍ය අමත්‍යවරයෙකි.ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ සමග හිටපු පළාත් සභා මන්ත්‍රී කස්තුරි අනුරාධනායකගේ වගාබිම් බැලීම සඳහා පසුගිය දිනක ගොස් ඇත.
එහිදී වගබිමේ තිබූ කරවිල ගෙඩියක සහ කිරි බණ්ඩක්කා කරල් කීපයක අමුවෙන්ම රස බැලීමට ඔහු අමතක කළේ නැත.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කස්තුරි අනුරාධනායක සඳහන් කර ඇත්තේ ‘පාලිත ආපසු ගියෙ සතියක් වත්තෙ නවතින්න එන්න අවසර ඉල්ලගෙන ‘ යනුවෙනුයි.
එම සටහන සහ පාලිත වත්තට ගිය අවස්ථාව පහතින් නැරඹිය හැකිය.
මගේ ආදරණීය ජනතාවාදී මිත්‍රයා
පාලිත තෙවරප්පෙරුම මගෙ වගාබිම් බලන්න ආවෙ සන්දිත් සමරසිංහ හා රයිගම් ක්‍රිශානුත් එක්ක.
හරිම සුහද සුන්දර දෙහෝරාවක් ගතකළ පාලිත, වැලටත් හොරෙන් ඉදුනු කරවිල ගෙඩියක් රසකර කර කාලා කිරි බණ්ඩක්කා කරල් කීපයකත් රස බැලුවා.
අනාගතය වෙනුවෙන් වත්තෙ වෙරළු පැලයක් හිටවපු පාලිත ආපසු ගියෙ සතියක් වත්තෙ නවතින්න එන්න අවසර ඉල්ලගෙන




