කාලයෙන් කාලයට පැමිණෙන සංසිද්ධි අතරට එක්ව ඇති නිට්ටෑවන් පිළිබඳ කතාවට යළිත් පණ ලැබී තිබේ. මෙවර ඒ සඳහා වන නිධාන කතාව මතුවන්නේ ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින්වත්ත ආශ‍්‍රිත කැලෑ ප‍්‍රදේශයෙනි. මෙම ප‍්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුමිටෙක් නේත‍්‍රාගම වැසියෝ කිහිපදෙනෙක් දැක තිබේ.
වලහෙකුගේ බාහිර පෙනුමට සමාන අකාරයෙන් දිගු කොණ්ඩයකට හිමිකම් කියන මෙම සත්ත්වයා, අඩි දෙකහමාරක පමණ උසකින් යුත් අඟුටුමි ශරීරයකින් හෙබි බව මෙම දර්ශනය දුටු ගම් වැසියෝ පවසති. භීතියට පත් එම ගම්වාසීහු පවසන ආකාරයට මේ ‘නිට්ටැ දර්ශනය’ මුලින්ම දැක ඇත්තේ ජලනල සකස් කිරීමක් සඳහා ගොස් ඇති ඞී. ඉන්ද්‍රසිංහ මහතාය.
”අඩි 150ක් විතර කන්දට නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දි කැලේ හෙලවෙනවා වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුමිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ. මුහුණ උල් ඇස් දෙක රතුපාටයි. දැක්ක ගමන් මට බයක් ඇති වුණා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවහරි කරන්න ඕනේ කියලා ක්ෂණිකව මගේ අතේ තියන ආයුධත් අරන් ඌ ළ`ගට යන්න යනකොට පස්ස නොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නොවෙයි කුළු හරක් පවා ඉන්නවා. මට හිතාගන්න බැහැ මේ මොකාද කියලා. අර අනුරාධපුර පැත්තේ හිටිය නීත්තෑවෙක් ද දන්නෙත් නැහැ. ඊට පස්සේ ගමේ තවත්, අය මේ අඟුමිට්ටා දැකලා තියෙනවා ඉන්ද්‍රසිංහ මහතාගේ කතාව එසේය.

ඉන්ද්‍රසිංහ මහතාට අමතරව තවත් කිහිපදෙනෙක් මේ අඟුමිට්ටාව දැක ඇති අතර ඒ සියලූ නිරීක්ෂණයන්ගේ කතාව ඉන්ද්‍රසිංහගේ නිරීක්ෂණයට සමානය.
දාහතර හැවිරිදි ශිරාන් මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කර සිටියේ, ”මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩය දිගයි මම ආයෙත් බැලූවා. හරිම භයානක මූණක්. මම කෑ ගහගෙන ගෙට දිව්වා යනුවෙනි.
ශිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සෆ්නා ද මේ පිළිබඳ තවත් විස්තර කරන්නට විය.
”මල්ලි කෑගහගෙන ගෙට දුවගෙන ආ නිසා මං ගිහින් බැලූවා. දොරෙන් එබිලා බලන කොට මම දැක්කා අඩි දෙකහමාරක් විතර උස, කළු මිනිහෙක් ආපස්ස හැරිලා යනවා. මම හොඳටම බයවෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලියි තාත්තාට කෝල් කළා.”
එම සිදුවීමත් සමග නේත‍්‍රාගම ගම්වැසියෝ බොහෝ බියට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු අංශ විසින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසය.
නිට්ටෑවන් පිළිබඳව කතාව ඉතා පහසුවෙන් ගැලපී එන්නේ පරිණාමවාදය පිළිබඳ වූ මතවාදයටය. මානව පරිණාමයේදී ශේෂ වූ සත්ත්ව විශේෂයක් ලෙස මේ නිට්ටෑවන් හ`දුන්වාදී විද්‍යාවට නම් ගැළවීමක් ලබාගත හැකි වනු ඇත. එසේ වුවත් ලක්දිව නිට්ටෑවන් සිටිනුයේ එවැනි සරල තැනක නොවේ.

නිට්ටැවන් පිළිබඳ අතීත කතා
නිට්ටෑවන් පිළිබඳව පළමු වරට අදහසක් ඉදිරිපත් කර ඇත්තේ මහා දාර්ශනික ප්ලිනිය. නිට්ටෑවා යනු ලංකාවේ වෙසන කුරුමිටි මිනිසුන් විශේෂයක් බව ප්ලිනි පැවසුවේ මීට සියවස් විස්සකට පෙර දී ය. ප්ලිනිට අනුව නිට්ටෑවන් මිනිස් හැඩයම ගත්, වඳුරන්ට ද යම් සමාන කමක් ඇති කුරුමිටි මානව වර්ගයකි. නිට්ටෑ පිරිමින් අඩි හතරක් පමණ උස්වූ බව වාර්තා වේ. මේ කුරුමිටි මිනිසුන්ට වලිගයක් නොතිබූ බව ද, ඔවුන් ද්විපාද සංචරණයෙහි සමතුන් වූ බව ද ප්ලිනි වාර්තා කොට ඇත. එසේම නිට්ටෑවන් දුඹුරු ලෝම සමක්වූ බව ද මේ තොරතුරුවලට ඇතුළත් ය. ප්ලිනි යනු ස්වභාවික විද්‍යාව පිළිබඳව වියතෙකි. ඔහුගේ රචනා ගණනාවක එදා පැවති සිංහලදීපය පිළිබඳව තොරතුරු ඇතුළත්ය. ප්ලිනිගේ නිරීක්ෂණය අනුව පෙනී යන්නේ නිට්ටෑවා යනු මෙරට ආවේනික සත්ත්ව විශේෂයක් හෝ මානව විශේෂයක් බවය

ස්පාඤ්ඤ ජාතික මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය සැල්වදොර් මාටිනස් 2004 දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියට දින කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය අවට වනයෙහි සැරිසරයි. දෙසැම්බර් 25 වැනිදා දහවල් කාලයේදී වනයේදී ඇතිවන හදිසි වැස්සකදී ගල්ගුහාවකට දිවයන ඔහු වැස්සෙන් බේරීම සඳහා ගුහාව තුළට එන අමුතු ජීවියෙකු දකී. අඩි 3 ක් පමණ උස නිරුවත් අර්ධ මනුෂ්‍ය පෙනුමක් ඇති මේ ජීවියා ගුහාව තුළ වෛද්‍ය මාටිනස් සිටින බව ඉවෙන් දැනගෙන මහ වැස්සෙම පලා යයි. මේ සත්ත්වයා කවරෙක්ද?
මහාචාර්ය මාටිනස් විසින් දක්නා ලද අර්ධ මනුෂ්‍යයා ශ‍්‍රී ලංකාවට ආවේණික මෙයට වසර 150 කට පමණ පෙර වඳ වී ගිය නිට්ටෑවා නමැති සතා බව විශ්වාස කරනු ලැබේ.
දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීත් සිටි නිට්ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්ටෑවන් සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්ටෑවන් පිළිබඳව ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමු වැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක් තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්ත‍්‍රීය මෙහෙවරක් කළ කෙනෙකි. 1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණි ඔහු මාතර දිසා විනිසුරු ලෙසද, මධ්‍යම පළාත් මූල්‍ය කටයුතු නිලධාරියා ලෙසද, මඩකලපුවේ දිසා විනිසුරු ලෙසද සේවය කරමින් අවුරුදු 28 ක් මෙහි ගත කළේය. ඒ කාලය තුළ ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව සහ නිට්ටෑවන් ගැන ඔහු ගැඹුරු පර්යේෂණයක් කළේය. ඔහුගේ පර්යේෂණ පත‍්‍රිකා දහස් ගණනක් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ අදටත් තැන්පත් කර තිබේ. සිංහල භාෂාව හොඳින් උගෙන එහි ප‍්‍රවීණයකු වූ හියු නෙවිල් නිට්ටෑවන් ගැන ඉංගී‍්‍රසි පොතක් ලියා තිබේ.
නිට්ටෑවන් ගැන අනෙක් පර්යේෂණය කළ තැනැත්තා කපිතාන් ඒ. ටී. රඹුක්වැල්ලය. ශ‍්‍රී ලංකාවේ නිට්ටෑ ප‍්‍රජාව විසින් වන්දනාමාන කරන ලද ගලින් තැනූ පූජාසන කීපයක් 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ මහලේනම කැලය මැදදී ඔහුට හමු විය. මුහුදු මට්ටමින් අඩි 100 ක් උසින් පිහිටි මහලේනම ප‍්‍රදේශය වනාන්තර 7 කින්ද (ජුල්පල්ලම කැලය, අලිරාවල කැලය, මහලේනවඑලිය, තිරුපොකුණ කැලය, ලේනම කැලය, හිදපලූගස්වැව කැලය)
බඹරගස්තලාව සහ බකුරේ යන ජනාවාසවලින්ද කුඩුම්බිගල කන්දෙන්ද ලේනමආරු නමැති ගංගාවෙන්ද සමන්විතය. ලොව විසූ ප‍්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්හිල් 1945 දී ශ‍්‍රී ලංකාවට පැමිණ නිට්ටෑවන් ගැන පර්යේෂණයක් කළේය. ඔහුගේ අදහස වූයේ නිට්ටෑවන් යනු මෙයට වසර ලක්ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්ඨාසය ලෙස නිට්ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන යේටි නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.)
වැදි ජනතාවගේ පැරණි කතාන්දරවල නිට්ටෑවන්ට ප‍්‍රමුඛ තැනක් හිමිවේ. සිංහලයන්ගේ ජන කතාවල ප‍්‍රධාන චරිත වන යකුන්, යෝධයන්, රජවරුන්, දෙවිවරුන් සහ මායාකාරයන් මෙන්ම වැදි කතාන්දරවල හැම තැනකම පාහේ නිට්ටෑවෝ වූහ. නිට්ටෑවා යන වචනය දෙවිදියකින් අර්ථකථනය කරනු ලැබේ. සමහරුන් කියන්නේ නිට්ටෑවා දිගු නිය ඇති සත්ත්වයකු නිසා නිය ඇත්තා යනුවෙන් මුලදී හඳුන්වන ලද බවත් පසුව එම වචනය නිට්ටෑවා බවට පත්වූ බවත් ය. ලේනම සහ කුඩුම්බිගල වනාන්තරවල සිටි නිට්ටෑ රැළ වැදි ජනතාව විසින් මෙයට වසර 150 – 200 අතර කාලයකට පෙර සංහාරය කරන ලද බව පැවසේ.

වත්මන් වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ මතය
මේ මතය සපුරා බැහැර කරමින් වත්මන් වැදී නායකයා බීබීසී සේවයට ප‍්‍රකාශ කර තිබුණේ, නිට්ටෑවන් එක් තැනකට කොටු කළ ආදිවාසීන් ඔවුන් සමූල ඝාතනය කළ බවට පවතින මතය තමා පිළිනොගන්නා බවය. නිට්ටෑවන් ආදිවාසී දරුවන් කා දැමූ නිසා ඔවුන්ව විනාශ කළ බවක් තමාට තමාගේ පියා හෝ වෙනත් මුතුන් මිත්තෙකු කිසි දිනෙක පවසා නැති බව ද ඔහු එහිදී පවසා සිටියේය.
‘‘නිට්ටෑවන් එකතු කරල ගල් ගුහාවකට දාල ගිනි තියල මරල දැම්ම කියන ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒ ඇත්තො මීයෝ වගේ නෙමේනෙ, එකතු කරල ගන්න. අනික එහෙම කණ්ඩායමක් මේ රටේ හිටිය නම් ඒ අය එක් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කට්ටියක් ඉන්න ඕන. ඒ අයගෙත් පරම්පරාවක් තියෙන්න ඕන.
ඉතින් මේ ඔක්කොම නිට්ටෑවන් එකතු කෙරුවයි කියල විශ්වාස කරන්න අමාරුයි.’’ කෙසේ වෙතත්, නිට්ටෑවන් අතීතයේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ බවට ඇති මතය තමා පිළිගන්නා බව ඔහු පවසා තිබුණි.
‘‘අප්පිල ඇත්තන්ගෙ මුත්තිල ඇත්තන්ටයි කිරි අප්පිල ඇත්තන්ටයි කැළෑවෙදි හමුවෙලා තියෙනව මේ නිට්ටෑවො. හැබැයි මටවත් මගේ අප්පිල ඇත්තන්ටවත් මේ නිට්ටෑවන් හමුවෙලා නම් නෑ.’’ ආදිවාසී නායකයා හෙළි කළේ මීට දශක ගණනාවකට පෙර සිය ගමේ ද ‘‘වැඩිය උස නැති පවුලක්’’ වාසය කර ඇති අතර ඔවුන්ගේ උස අඩි 3 ක් පමණ වූ බවය. ඒ හින්ද ඒ අයටත් නිට්ටෑවන් කියල නමක් දාල තිබ්බ. ඒ මගේ අප්පිල ඇත්තන්ගෙ අප්පිල ඇත්තන්ගෙ කාලෙ ඒ කියන්නෙ අවුරුදු 200කට විතර එහාදි. ඔවුන්ගෙන් පැවතෙන අය තවමත් ජීවත් විය හැකි බව වැදී නායකයා මෙහිදී පවසා තිබුණි.
‘‘කවද හරි නිට්ටෑවන් මගේ ඇස් දෙකින් දැක්කොත් මෙන්න නිට්ටෑවන් කියල ලෝකෙටම ප‍්‍රකාශ කරනවා. ඔය නිට්ටෑවන් සම්බන්ධව මේ දක්වාම අපේ රැහේ කොහෙන්වත් නම් ආරංචි වෙලා නෑ. අම්පාරේ ඇතැම් කැළෑබද ප‍්‍රදේශවල නිට්ටෑවන් දුටු බවට පැතිරෙන අදහස් ගැන ඔහු දක්වා තිබුණේ මෙවන් අදහසකි.
‘‘නිට්ටෑරතුගල අම්පාරෙදි මුණ ගැහුණ, කැළැවෙදි දැක්ක කියල කතාවක් තියෙනව. ඒ කතාව ඇත්ත නම් මම හිතනව ඒ නිට්ටෑවන් කියන පරම්පරාවෙ තවත් ඈයො ඉතුරු වෙලා ඉන්න ඇතැයි කියල. ඒ ඇත්තන්ගෙන් කැකුළියො කැකුළො ඇති වෙන්න ඇති,’’ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පවසා තිබුණි.