හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශල්‍යකර්මයක් සඳහා චෙන්නායි හි රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
IPL තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසයි ඔහු සේවය කරමින් සිටියේ.
ඔහු මේවනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද ඉන්දියා මාධ්‍ය පවසයි.
සන්රයිසස් හයිද්‍රාබාද් හි ප්‍රධාන විධායක නිලධාරී කේ ෂන්මුගම් ස්පෝර්ට්ස්ටාර් වෙත අදහස් දක්වමින් . “ඔහු ශ්‍රී ලංකාවේදී ස්කෑන් පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇති අතර චෙන්නායි හි සිටියදී වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තේය.
ඔහු දැන් සුවයෙන් සිටින අතර ඉදිරි දින කිහිපය තුළ කණ්ඩායමට එක්වීමට හැකියාව ලැබේවි.” යනුවෙන් සඳහන් කර තිබේ.