මියගිය පිලිප් කුමරාගේ දේහය ඇතුළත් මංජුසාව ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කරා රැගෙන යනු ලැබුවේ විශේෂයෙන් පිළියෙළ කරන ලද ‘ලෑන්ඩ්රෝවර්’ රථයකිනි.
තම අභාවයෙන් පසුව සිය දේහය ගෙනයනු ලබන කෙටිදුර සඳහා උපයෝගී කරගැනීම සඳහා සිය අවමඟුල් රථය සැලසුම් කරන ලද්දේ පිලිප් කුමරා විසින්මය.
2003 වසරේ දී තමාට වයස අවුරුදු 82ක් සම්පූර්ණවීමත් සමඟ පිලිප් කුමරා සිය අවමඟුල් රථය සැලසුම් කරන ලද අතර ඔහු ආශා කරන ‘ලෑන්ඩ් රෝවර්’ රථයක් ඒ සඳහා යොදාගත්තේය.

නවීකරණය කරන ලද එම රථය හරිත පැහැයෙන් නිමවා තිබෙන්නේ යුද හමුදාව සංකේතවත් කරමිනි.
එම රථය පිළිබඳ තොරතුරු බ්‍රහස්පතින්දා (අප්‍රියෙල් 15) බකිංහැම් මාලිගය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුණි.


(BBC ඇසුරිනි )