චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු පණ ගැන්වූ යතුරුපැදියකට හසුවී කුඩා දැරියක් මරණයට පත්ව තිබෙනවා.
මියගිය දැරිය අවුරුදු එකහමාරක් පමණ වයසැති අතර යතුරුපැදිය නවතා එහි යතුරු කටෙහි යතුර රඳවා තිබිය දී දස හැවිරිදි කුඩා දරුවකු යතුරුපැදිය පණ ගැන්වීමට උත්සහ දරා ඇති සඳහන්.
යතුරුපැදිය ඉදිරියට ධාවනය වී කුඩා දැරිය අනතුරට ලක්ව ඇති අතර රෝහල් ගත කරන විටත් ඇය මිය ගොස් සිටි බව වාර්තා වනවා.