යාපනය, මීසාලෙයි දකුණ, අල්ලාරෙයි වීදිය ප්‍රදේශයේ නිවසක භාණ්ඩ සොරා ගැනීමට පැමිණි පිරිසක් අද (12) අලුයම පහර දී ගෙහිමියා ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ 80 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර යාපනය රෝහලට යොමු කිරීමට නියමිත බවද පොලීසිය පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.