සමිතාගේ නව සැමියා වන චිරන්ත, හදිසියේම මුහුණු පොතට ඇවිත් සංවේදී වීඩියෝවක් එකතු කර තිබුණා.
ඔහු එහිදී සමිතාට ඇතුළු තම ළමයින්ට සහ ඔහුට එල්ල වන චෝදනා ගැන කතා කරලා තිබුණා.
එම වීඩියෝව පහතින්,
“මම මගේ බිරිඳ එක්ක, ළමයි එක්ක ආදරෙන් ඉන්නේ. ඇයි ඒක ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ. අවුරුදු එකොළහක් ළමයින් දෙන්නට කිසිම අඩුවක් නොකර, ගොඩක් ආදරේ දීලා ඒ දෙන්නව බලාගත්තා. අපිට නොයෙක් දේවල් කියලා මඩ ගහනවා. සුළු ප්‍රමාණයක් තමයි ඉන්නවා මට සහ පවුලට බනින. සමිතා මට මොකද්දෝ පිනකට ලැබෙනවා. ඒ ලැබිච්ච දවසේ ඉඳලා ඇතමුන් අපිට දේවල් කියනවා. අපිට බනිනවා, මඩ ගහනවා. අන්න ඒ අයගෙන් තමයි මම මේ ප්‍රශ්න අහන්නේ….”
“ලස්සන පවුල් ජීවිත ගත කරන කවුරුත් අපිට බනින් නෑ. සමිතාගේ අතීතේ මට වැඩක් නෑ, මගේ අතීතෙත් සමිතාට වැඩක් නෑ. ඒ නිසා දවසින් දවස, දිනෙන් දින හැමෝම ආදරේ විඳින්න.. අනිත් අයට දොස් කියන් නැතුව තමන්ගේ පවුල් ජීවිතේ ගෙවන්න..!!”
යනුවෙන් එම වීඩියෝවේදී ඔහු වැඩිදුරටත් පවසනවා.