ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තේරීමේ තරගාවලියේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ හිසෙන් එම කිරුළ බලහත්කාරයෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රියාව සිදුකළ ලෝක විවාහක රූ රැජිණ කැරොලීන් ජූරි ට එරෙහිව වසර 10 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබා දීමට හා ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝග කිරීමට අධිකරණයට හැකියාව ඇති බව නීතිවේදීන් පවසනවා.
කැරලයින් ජූරි ඒ අවස්ථාවේදී තමන්ට නොතිබුණු බලයක් පෙන්වා සිදුකළ බලහත්කාර කමක් මෙන්ම සොරාගැනීමක් සිදු කල බව පෙනෙන්නට තිබෙන අතර මෙම ක්‍රියාව සිදුකළ තැනැත්තියට එරෙහිව බලහත්කාරකම් පෑම, බලෙන් ලබා ගැනීම, සොරා ගැනීම හා තුවාල සිදු කිරීම යන චෝදනා මත නඩු පැවරීමට හැකියාව ඇති බවයි පැවසෙන්නේ.
එපමණක් නොව එම තරගය සංවිධාන කළ සංවිධායක මණ්ඩලයට ද කැරොලින් ජූරි ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ඇතැ බවද නීතිවේදීන් පේනවා දෙනවා